ජනපති අනුර හෙට එක්සත් ජනපදය බලා පිටත් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (22) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙලෙස එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා එළඹෙන බදාදා (24) එරට වේලාවෙන් පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම නිල සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට ද නියමිතයි.

ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද ජනාධිපතිවරයා එක්වනු ඇති.

මෙම නිල සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්වීමට නියමිතයි.

  1. ඉතාම අනර්ඝය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති තුමා හමුවී ලංකාවේ isis අන්තවාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට සහාය ඉල්ලා සිටිමු. සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල ඉරාන පලස්තීන පිටුබලය ලබන isis අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ පාස්කු බෝම්බයේ සත්‍ය එලිදැක්වීම නොහැකිව ඇති isis ත්‍රස්තවාදී තර්ජනය නිමා කර ගත හැක.

  2. Great, President must visit countries to develop mutual understanding and friendship. Also must address business tycoons to attract to SL to establish business, especially in the area of Tourism ( Marine, Whale Watching etc)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03