ජනපති අනුර සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා අතර හමුවක් ටෝකියෝ නුවර දී සිදුව තිබෙනවා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී නායකයන් දෙපළ සාකච්ඡා කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ශ්‍රි ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ගමන් මග පිළිබඳව ජපාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිය ප්‍රසාදය පළකර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නය සඳහා ජපානය අඛණ්ඩ සහයෝගය දක්වන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට හැකි වන පරිදි, නිල ණයහිමි කමිටුවේ සම සභාපතිවරයෙකු ලෙස ජපානය ලබා දුන් නායකත්වයට හා මෙම වසරේ මාර්තු මාසයේදී නිල ණයහිමි කමිටුවේ සාමාජික රටක් සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් අවසන් කළ පළමු නිල ණයහිමි කමිටුවේ සාමාජිකයා ජපානය වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී ස්තුතිය පළ කර.සිටියා.

එමෙන්ම 2024 වසරේදී අනෙකුත් ණයහිමි රටවලට පෙර, පෙර අත්සන් කර තිබූ යෙන් ණය ව්‍යාපෘති 11ක් නැවත ආරම්භ කිරීම ඇතුළුව ජපානය ලබාදුන් අඛණ්ඩ සහයෝගයට ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22