ජනපති අනුර වියට්නාමය බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සඳහා අද (03) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු පස්දෙනෙකුගෙන් සමන්විත ධූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිනවා.

‘දසත නිව්ස්’ ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස අද (03) පස්වරු 05.25ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානයෙන් පිටත්ව ගිය බවයි.

අනතුරුව මුම්බායි නුවර සිට වෙනත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස වියට්නාමය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?