ජනපති අනුරගෙන් හෝ චි මිං සොහොන් ගැබට සහ යුද විරු ස්මාරකයට පුෂ්පෝපහාර (ඡායාරූප)

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (05) පෙරවරුවේ හනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වූවා.

අනතුරුව එරට ජනාධිපති මන්දිරයේ ඇති හෝ චි මිං අනුස්මරණ භූමිය නැරඹූ ජනාධිපතිවරයා නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිංගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති සොහොන් ගැබ වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීම සිදුකළා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද මෙම අවස්ථාවට සහභාගිව සිටියා.

යුද විරුවන්ගේ ස්මාරකයට උපහාර දැක්වීම 1
යුද විරුවන්ගේ ස්මාරකයට උපහාර දැක්වීම 2
යුද විරුවන්ගේ ස්මාරකයට උපහාර දැක්වීම 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?