Empty Ad
AFC Banner
AFC Banner

ජනපතිගේ රාමසාන් දින පණිවුඩය

අදට යෙදී තිබෙන රාමසාන් උත්සවය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත්කර තිබෙනවා.

ජනාධිපතිවරයා නිකුත් කළ එම පණිවුඩයේ දැක්වෙන්නේ ආගම් මඟින් උගන්වනු ලබන සමාජ ධර්මතා, සමාජ යහපතට හේතුවන ලෙස යොදා ගැනීමට අප සියලු දෙනාට වගකීමක් ඇත යන්නයි.

ශ්‍රී ලාංකේය ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ලෝකවාසී සියලු ඉස්ලාමීය බැතිමතුන්ට මෙම රාමසාන් මංගල්‍යයෙන් පසු එළැඹෙන කාලය සතුට, සුවය සහිත වූ කාලපරිච්ඡේදයක් වේවායි එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

ජනාධිපතිවරයා නිකුත් කළ රාමසාන් දින පණිවුඩය පහතින්..

මාසයක කාලයක් මුළුල්ලේ රැකි උපවාස සීලය අවසන් කළ ඉස්ලාමීය ජනතාව ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරති. ඒ ඊදුල් ෆීතර් මංගල්‍යයට එක් වෙමිනි. ඔබ විසින් අපේක්ෂා කරනු ලබන ආධ්‍යාත්මික සුවය සියලු දෙනාට ලැබේවා යි මම ද ප්‍රාර්ථනා කරමි.
රාමසාන්, මුස්ලිම් ජනතාව ආගමික වශයෙන් ඉටු කරන විවිධ ආගමික චාරිත්‍ර අතර සුවිශේෂී උත්සවයකි. සෑම දිනයක ම අල්ලාහ් දෙවියන්ගේ ධාර්මික මූලධර්ම අනුව යහපතෙහි ම යෙදීමට මානසික උත්තේජනයක් මෙමඟින් අපේක්ෂා කෙරේ.
සමගි ව රැස්වීම, සාමූහික සම්මුති, පරිත්‍යාගය, අයහපතින් මිඳීම, යහපතෙහි යෙදීම, පිළිබඳ ඔවුනොවුන් අතර පවතින සංස්කෘතිකමය සබඳතා සමාජ ප්‍රගමනයට හේතු වනු ඇත. මෙකී යහපත් සිතුවිලි සියලු දෙනා කෙරෙහි පැතිරවිය යුතු ය.
සියලු ආගමික ශාස්තෘවරයන්ගේ දර්ශනය, විමුක්තිය උදා කර ගැනීම පිළිබඳ පදනමක පිහිටා තිබේ. ඉස්ලාමීය දර්ශනයෙහි ඇති රාමසාන් සැමරුම් ඇතුළු එකී ආගමට අයත් ඇදහීම් දීර්ඝ කාලයක් අපි දැක ඇත්තෙමු. එමඟින් දෙන පණිවිඩය සාමාජීය යහපැවැත්ම උදෙසා ම යෙදවීමෙන් එකිනෙකා අතර අවබෝධය වර්ධනයට හේතු විය. එමඟින් අන්තර් ආගමික සාමාජීය, සංස්කෘතික අවබෝධය තහවුරු කරයි.
ආගම් විසින් උගන්වන සමාජ ධර්මතා, සමාජ යහපතට හේතු වන ලෙස යොදා ගැනීමට අප සියලු දෙනාට වගකීමක් ඇත.
ශ්‍රී ලාංකේය ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ලෝකවාසී සියලු ඉස්ලාමීය බැතිමතුන්ට මෙම රාමසාන් මංගල්‍යයෙන් පසු එළැඹෙන කාලය සතුට, සුවය සහිත වූ කාලපරිච්ඡේදයක් වේවා! යි ප්‍රාර්ථනා කරමි.
ගෝඨාභය රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් කියනවා රනිල් දුන්න බාර් පර්මිට් කැන්සල් කරන්න බැයිලු - ආණ්ඩුවේ දෙබිඩි හෙළුව එළියට
02:22
Video thumbnail
මෙරට විවහා වයස් සීමාව වෙනස්වෙයි
01:32
Video thumbnail
මෙයාලා හිතන්නේ ජනතාව පුන්නක්කු කන ගොන්නු කියලා
14:14
Video thumbnail
ත්‍රී විල්වල මිදි වලු ටිකයි - බස්වල ලයිට් ටිකයි - ගැලෙව්වාම රටේ ප්‍රශ්න විසඳෙනව ද?
11:59
Video thumbnail
ගැලරිය පිනවන්න කතා කළාට - ජනතා අප්‍රසාදයට පත්වුණා ඒ කතාවෙන්
10:41
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්
03:57
Video thumbnail
වැඩේ මාට්ටු උනේ අවුරුද්දකට පස්සේ - අපොයි ඔයාලත් මේවා බිව්ව ද?
07:52
Video thumbnail
මහරජානෝට බැන්නට විමල්ටත් දුක හිතිලා - කයි පාලනයට සැර පිළිතුරු
09:27
Video thumbnail
රජය පොල් ගෙඩි මිලියන 20ක් ආනයනය කරයි ? පොල් කියන්නේ ඩොලර් උල්පතක්
14:51
Video thumbnail
e වීසා වංචාවට සම්බන්ධ දේශපාලකයින් ට නීතිය කෝ ? පාඨලී - විජිතට අමතයි
05:40

?