ජනපතිගේ රාමසාන් දින පණිවුඩය

අදට යෙදී තිබෙන රාමසාන් උත්සවය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත්කර තිබෙනවා.

ජනාධිපතිවරයා නිකුත් කළ එම පණිවුඩයේ දැක්වෙන්නේ ආගම් මඟින් උගන්වනු ලබන සමාජ ධර්මතා, සමාජ යහපතට හේතුවන ලෙස යොදා ගැනීමට අප සියලු දෙනාට වගකීමක් ඇත යන්නයි.

ශ්‍රී ලාංකේය ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ලෝකවාසී සියලු ඉස්ලාමීය බැතිමතුන්ට මෙම රාමසාන් මංගල්‍යයෙන් පසු එළැඹෙන කාලය සතුට, සුවය සහිත වූ කාලපරිච්ඡේදයක් වේවායි එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

ජනාධිපතිවරයා නිකුත් කළ රාමසාන් දින පණිවුඩය පහතින්..

මාසයක කාලයක් මුළුල්ලේ රැකි උපවාස සීලය අවසන් කළ ඉස්ලාමීය ජනතාව ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරති. ඒ ඊදුල් ෆීතර් මංගල්‍යයට එක් වෙමිනි. ඔබ විසින් අපේක්ෂා කරනු ලබන ආධ්‍යාත්මික සුවය සියලු දෙනාට ලැබේවා යි මම ද ප්‍රාර්ථනා කරමි.
රාමසාන්, මුස්ලිම් ජනතාව ආගමික වශයෙන් ඉටු කරන විවිධ ආගමික චාරිත්‍ර අතර සුවිශේෂී උත්සවයකි. සෑම දිනයක ම අල්ලාහ් දෙවියන්ගේ ධාර්මික මූලධර්ම අනුව යහපතෙහි ම යෙදීමට මානසික උත්තේජනයක් මෙමඟින් අපේක්ෂා කෙරේ.
සමගි ව රැස්වීම, සාමූහික සම්මුති, පරිත්‍යාගය, අයහපතින් මිඳීම, යහපතෙහි යෙදීම, පිළිබඳ ඔවුනොවුන් අතර පවතින සංස්කෘතිකමය සබඳතා සමාජ ප්‍රගමනයට හේතු වනු ඇත. මෙකී යහපත් සිතුවිලි සියලු දෙනා කෙරෙහි පැතිරවිය යුතු ය.
සියලු ආගමික ශාස්තෘවරයන්ගේ දර්ශනය, විමුක්තිය උදා කර ගැනීම පිළිබඳ පදනමක පිහිටා තිබේ. ඉස්ලාමීය දර්ශනයෙහි ඇති රාමසාන් සැමරුම් ඇතුළු එකී ආගමට අයත් ඇදහීම් දීර්ඝ කාලයක් අපි දැක ඇත්තෙමු. එමඟින් දෙන පණිවිඩය සාමාජීය යහපැවැත්ම උදෙසා ම යෙදවීමෙන් එකිනෙකා අතර අවබෝධය වර්ධනයට හේතු විය. එමඟින් අන්තර් ආගමික සාමාජීය, සංස්කෘතික අවබෝධය තහවුරු කරයි.
ආගම් විසින් උගන්වන සමාජ ධර්මතා, සමාජ යහපතට හේතු වන ලෙස යොදා ගැනීමට අප සියලු දෙනාට වගකීමක් ඇත.
ශ්‍රී ලාංකේය ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ලෝකවාසී සියලු ඉස්ලාමීය බැතිමතුන්ට මෙම රාමසාන් මංගල්‍යයෙන් පසු එළැඹෙන කාලය සතුට, සුවය සහිත වූ කාලපරිච්ඡේදයක් වේවා! යි ප්‍රාර්ථනා කරමි.
ගෝඨාභය රාජපක්ෂ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14