ජනපතිගේ ඉල්ලීමට හිටපු අගමැති පිළිතුරක්

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කල් බාර ගත්තේ නැති කිසි දෙයක් දැන් බාර ගැනීමට ද සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය එසේ සඳහන් කරන්නේ ජාතික අර්බුදය විසඳීමට අමාත්‍ය ධුර බාර ගන්නැයි ජනාධිපතිවරයා නිවෙිදනයක් නිකුත් කරමින් කළ ඇරැයුමට ප්‍රතිචාර වශයෙනි.

සර්ව පාක්ෂික සමුළුවේදී ද යෝජනා කෙරුණු පරිදි සියලු පක්ෂ නායකයන්ගේ කමිටුවක් හදා අර්බුදයට විසඳුම් සෙවිය යුතුය යන ස්ථාවරයේ හිටපු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සිටින බවද එහි කිසිම වෙනසක් නැතැයිද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට පීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විසඳුම් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කළ යුතු බවයි.

එය පක්ෂ භේදයෙන් තොරව ජාතික එකඟත්වයක් ඇතිව ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් පාර්ලිමේන්තුව රැස්වූ වහාම මේ යුතුකම ඉටු කළ යුතුව තිබෙන බවයි හිටපු අගමැතිවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජයට ගැසට් පත්‍රයක්වත් හරියට මුද්‍රණය කරගන්න බෑ
02:03
Video thumbnail
ජනාධිපතිතුමාටවත් බෑ මේකට අත තියන්න - දිලිප් සැරටම අමතයි
06:59
Video thumbnail
මහවැලියේ එක බිම් අඟලක්වත් අපිට ඕනේ නෑ
05:42
Video thumbnail
ධීවරයින්ගේ සත්‍යග්‍රහයට දිලිප් වෙදආරච්චිත් ඉඳගනී
01:35
Video thumbnail
ජනතාව ඉක්මණින් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා
03:44
Video thumbnail
වෙඩික්කරුගෙන් නූලෙන් බේරුණු සජබ අපේක්ෂකයා
03:18
Video thumbnail
නාමල්ව CIDයට එන්න කිව්වේ නාඩි බලන්න නෙමෙයි
06:49
Video thumbnail
නිල ඇඳුමත් ඇඳගෙන පාසල් ගිය ගම්මන්පිල, දොළවත්ත ඇතුළු සෙට් එක..අත් දෙකත් බැඳගෙන දාන හිනාව
02:37
Video thumbnail
ගඳ ග#න කාණු වෙනුවට, උද්‍යානයක හැදෙන මල් මෙන් මිනිස්සුන්ට ජීවිතය දෙන්න වෙර දරනවා
03:36
Video thumbnail
සංචාරක හෝටල්වල කැළි කසල නිසා භික්ෂූන් වහන්සේලා කුපිත වෙයි..ගඳේ බෑ - පාරක බැහලා යන්න බෑ
05:41


?