AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගේ ඉල්ලීමට සජබය පිළිතුරු දෙයි

වත්මන් ජාතික අර්බුදය විසඳීම සඳහා සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට අත්වැල් බැඳ ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනය විපක්ෂයේ සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂ මූලස්ථානයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පක්ෂය කිසිවිටෙක ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට හෝ පාලනයක් පිහිටුවීමට කටයුතු නොකරන බවයි.

මේ අතර, සමගී ජනබල වේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියා සිටියේ, “මහජනයාගේ ඉල්ලීම ගෝඨා ගෙදර යන ලෙසයි, අපි එම ගමනට සහාය දෙන අතර රාජපක්ෂවරුන් යටතේ කිසිදු තනතුරක් භාර නොගන්නා” බවයි.

රාජපක්ෂ ආණ්ඩුවේ අවසන් දින කිහිපය මෙය බව ප්‍රකාශ කළ ඔහු කියා සිටියේ ඔවුන්ට නැවත බලය ලබා ගැනීම සඳහා සිය පක්ෂය කිසිදු ආකාරයක සහයක් ලබා නොදෙන බවයි.

“මහජනයා කියන්නේ ගෝඨා ගෙදර යන්න රාජපක්ෂලාට ගෙදර යන්න කියලා. අපි මහජනතාවගේ ඉල්ලීම් එක්ක ඉන්නවා,” මන්ත්‍රීවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?