ජනපතිගේ ඉල්ලීමට සජබය පිළිතුරු දෙයි

වත්මන් ජාතික අර්බුදය විසඳීම සඳහා සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට අත්වැල් බැඳ ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනය විපක්ෂයේ සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂ මූලස්ථානයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පක්ෂය කිසිවිටෙක ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට හෝ පාලනයක් පිහිටුවීමට කටයුතු නොකරන බවයි.

මේ අතර, සමගී ජනබල වේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියා සිටියේ, “මහජනයාගේ ඉල්ලීම ගෝඨා ගෙදර යන ලෙසයි, අපි එම ගමනට සහාය දෙන අතර රාජපක්ෂවරුන් යටතේ කිසිදු තනතුරක් භාර නොගන්නා” බවයි.

රාජපක්ෂ ආණ්ඩුවේ අවසන් දින කිහිපය මෙය බව ප්‍රකාශ කළ ඔහු කියා සිටියේ ඔවුන්ට නැවත බලය ලබා ගැනීම සඳහා සිය පක්ෂය කිසිදු ආකාරයක සහයක් ලබා නොදෙන බවයි.

“මහජනයා කියන්නේ ගෝඨා ගෙදර යන්න රාජපක්ෂලාට ගෙදර යන්න කියලා. අපි මහජනතාවගේ ඉල්ලීම් එක්ක ඉන්නවා,” මන්ත්‍රීවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජයට ගැසට් පත්‍රයක්වත් හරියට මුද්‍රණය කරගන්න බෑ
02:03
Video thumbnail
ජනාධිපතිතුමාටවත් බෑ මේකට අත තියන්න - දිලිප් සැරටම අමතයි
06:59
Video thumbnail
මහවැලියේ එක බිම් අඟලක්වත් අපිට ඕනේ නෑ
05:42
Video thumbnail
ධීවරයින්ගේ සත්‍යග්‍රහයට දිලිප් වෙදආරච්චිත් ඉඳගනී
01:35
Video thumbnail
ජනතාව ඉක්මණින් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා
03:44
Video thumbnail
වෙඩික්කරුගෙන් නූලෙන් බේරුණු සජබ අපේක්ෂකයා
03:18
Video thumbnail
නාමල්ව CIDයට එන්න කිව්වේ නාඩි බලන්න නෙමෙයි
06:49
Video thumbnail
නිල ඇඳුමත් ඇඳගෙන පාසල් ගිය ගම්මන්පිල, දොළවත්ත ඇතුළු සෙට් එක..අත් දෙකත් බැඳගෙන දාන හිනාව
02:37
Video thumbnail
ගඳ ග#න කාණු වෙනුවට, උද්‍යානයක හැදෙන මල් මෙන් මිනිස්සුන්ට ජීවිතය දෙන්න වෙර දරනවා
03:36
Video thumbnail
සංචාරක හෝටල්වල කැළි කසල නිසා භික්ෂූන් වහන්සේලා කුපිත වෙයි..ගඳේ බෑ - පාරක බැහලා යන්න බෑ
05:41


?