ජනපතිගේ ආරාධනාව ප්‍රතික්ශේප කල නිදහස් පක්ශය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ඡාවක් ඊයේ (05) පවත්වා තිබේ.

එම හමුව පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමට එම පක්ෂය අද කටයුතු කර තිබෙනවා.

එහිදී හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ අමාත්‍ය ධූර භාරගන්නා ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට පැවසූ බවය.

“එතුමා කිව්වා ශ්‍රීලනිපය මේ කැබිනට් මණ්ඩලයට ආවොත් හොඳයි කියලා. නමුත් එම ඉල්ලීම අපි ප්‍රතික්ෂේප කළා” යැයි හිටපු අමාත්‍යවරයා පැවසුවා

“මේ අවස්ථාවේ එය කළ නොහැකි දෙයක් බව අප ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා.අපි කිව්වේ අපිට ඕනේ මැති ඇමතිකම් නොවෙයි. මෙම අර්බුදයෙන් ගොඩ එන්න රජයට තියෙන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න කියලා.”

මේ අතර, 20 වන ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට ගෙන එනු ලබන ඕනෑම වැඩපිළිවෙලක් සඳහා පුර්ණ සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, අදාළ යෝජනාවන් පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙන ඒම සඳහා රජය පියවර ගත යුතු බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23