ජනතාවට මුදල් රාජ්‍ය ඇමතිගෙන් තුති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඍජුවම සම්බන්ධ වෙමින් එහි සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයකටම අවතීරණ වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (19) අනුරාධපුරයේ දී ඔහු මෙම අදහස් පළකළා.

ඒ, අනුව නිශ්චිත කාල රාමුවකට අනුව සකස් කරන ලද වැඩපිළිවෙලකට අනුගත වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම සඳහා තමා වෙත පැවරූ වගකීම සම්බන්ධයන් අදහස් දක්වමින්, මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකළ සියළුම සාකච්ඡා සාර්ථක අවසානයක් කරා ගමන් කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 04ක් තුළ ලැබීමට නියමිත බවත්, ඩොලර් මිලියන 300ක් වන පළමු ණය මුදල මාර්තු මස අග දී මෙරටට ලැබෙනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ වන විට රට තුළ සිදු කර ඇති දුෂ්කර ප්‍රතිසංස්කරණ හමුවේ මහජනතාව කෙසේ හෝ අභියෝගයන්ට මුහුණ දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනට සහයෝගය ලබාදීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15