ජගත් මහලේකම් ඉදිරිපත් කර ඇති කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකාව කැපවී සිටිනවා – ජනපති

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරිම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) පැවති දේශගුණික අභිලාශ පිළිබඳ සමුළුව අමතමින්.

වඩාත් සාධාරණ පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් මත පදනම් වූ, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ගෝලීය ආර්ථිකයක් සඳහා වඩාත් සාධාරණ හා වේගවත් පරිවර්තනය වීමක් වෙනුවෙන් ගෝලීය සාමුහික කැමැත්ත ප්‍රකාශ කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් මෙම සමුළුව කැඳවා තිබුණා.

කඩිනමින් අවතීර්ණ විය හැකි දේශගුණික ක්‍රියාමාර්ගවල වැදගත්කම මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට සහභාගි වී සිටින රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ද සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.

දේශගුණික ගැටළු හේතුවෙන් 2050 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5%ක් අහිමි වන බවට විශේෂඥයින් විසින් අනාවැකි පළ කර ඇති බවත්, එබැවින් ශ්‍රී ලංකාවේ දේශගුණික අනුවර්තන සැලැස්ම සඳහා ප්‍රවේශයන් ද්විත්වයක් අනුගමනය කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

සුළං සහ සූර්ය බලය යන ශ්‍රී ලංකාව සතු ස්වභාවික වාසි ද ප්‍රයෝජනයට ගනිමින්, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය මත පදනම් වූ හරිත වර්ධනය සඳහා උපාය මාර්ගයක් ලෙස COP 27 හි දී දේශගුණික සශ්‍රීකත්ව සැලැස්ම එළිදක්වනු ලැබුවා.

2022 වර්ෂයේදී ඇති වූ මූල්‍ය අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය හරිත ආර්ථිකයක් කරා පරිවර්තනය වීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ සිදුවන ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සමඟ මෙම මුලපිරීම සිදු කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ දේශගුණික අභිලාෂ පිළිබඳ දෙවන පැතිකඩ වන්නේ දේශගුණික යුක්ති සංසදයක් පිහිටුවීමට සහාය වීමයි. මෙම සංසදයේ අරමුණ වනුයේ දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන අලාභ හා හානි, ඊට අනුවර්තනය වීම සහ අවම කිරීම ඇතුළු විවිධ දේශගුණික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීමයි. මෙම ප්‍රයත්නයන්ට අමතරව, ගෝලීය වශයෙන් ප්‍රභල ක්‍රියාමාර්ගයන් දෙකක් ද ශ්‍රී ලංකාව යෝජනා කර සිටිනවා.එහි පළමුවැන්න වන්නේ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා වේදිකාවක් සපයන ජාත්‍යන්තර දේශගුණික විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම‍යි.

දෙවැනි යෝජනාව වන්නේ වගකීම් සහගත සම්පත් කළමනාකරණයක අවශ්‍යතාවය හඳුනා ගනිමින් ශ්‍රී ලංකාවට උපරිම බලපෑමක් ලබා ගත හැකි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමයි.

නිවර්තන කලාපය තුළ සිදුවන දේශගුණික විපර්යාසයන් හේතුවෙන් එම කලාපයේ වාසය කරන “අවදානමට ලක්වී ඇති ප්‍රජාවන්” අසාමාන්‍ය බලපෑම්වලට ලක් වෙනවා.

ඒ අනුව ජෛව විවිධත්වයෙන් ඉහළ නිවර්තන කලාපය ඉලක්ක කර ගනිමින් යෝජිත නිවර්තන කලාපීය දේශගුණික අභිලාෂ පිළිබඳ ව්‍යාපෘතිය මම ඉදිරිපත් කරනවා.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සඳහා ආයෝජනය කිරීම, ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් සෙවීම සහ නිවර්තන කලාපය තුළ පරිසර දූෂණය පාලනය කිරීම යන ක්‍රියාමාර්ග මගින් නිවර්තන කලාපයට පමණක් නොව ලොව පුරා සෞම්‍ය කලාපයටද පරිවර්තනීය ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව සැලසෙනවා.

නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම සහ කලාපය තුළ අඩු ආදායම්ලාභී රටවල්වල ආර්ථිකයන් සඳහා යෝජිත ණය සහන ලබාදීම වැනි සාධනීය මුලපිරීම්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් යෝජනා කර ඇති කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47