දෙමාපියන් විසින් ජංගම දුරකථනයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු දැරියක් සියදිවි නසාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
මහාරාෂ්ට්‍රයේ නාග්පූර් ප්‍රදේශයෙන් මෙම සිදුවීම අද (23) වාර්තා වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 13 හැවිරිදි දැරියක් බවයි වාර්තා වුණේ.
8 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය ජංගම දුරකථන ක්‍රීඩා කිරීමට පුරුදු වී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
දැරිය තම දෙමාපියන්ගෙන් තමාටම ජංගම දුරකථනයක් මිලදීගෙන දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කර තිබෙනවා.
කෙසේ වෙතත් දැරියගේ එම ඉල්ලීම ඔවුන් විසින් ප්‍රතිෂේප කර ඇති අතර, එම ප්‍රතික්ෂේප කිරීම ගැන කලකිරුණු ඇය නිවස තුළ ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.





