AFC Banner
AFC Banner
Empty Ad

ඡන්ද රාජකාරියේ සිටි නිලධාරියෙක් යතුරුපැදි අනතුරකින් රෝහල්ගත කෙරේ

කැකිරාව මැතිවරණ කොට්ඨාසයේ පලාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි නිලධාරියකු ඊයේ (13) රාත්‍රියේ යතුරුපැදි අනතුරකට ලක්ව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ තුවාලකරු මේ වනවිට කලාවැව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.

මෙලෙස අනතුරට ලක් ව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත්තේ පලාගල කළුආරච්චියාගම විද්‍යාලයේ පවත්වාගෙන යනු ලබන ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි නිලධාරියකු බවටයි අනාවරණය වී ඇත්තේ.

අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි රංජිත් විමලසූරිය මහතාගෙන් මාධ්‍යවේදීන් සිදු කළ විමසීමක දී කියා සිටියේ අනතුරට පත්ව රෝහල්ගත කර ඇති එම නිලධාරියා වෙනුවට වෙනත් නිලධාරියෙකු ආදේශ කර අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?