ඡන්ද පත්‍රිකා වෙළඳසැළක තබා බෙදාහැරීම සිදුකළ පියුම් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ජන්ද දායකයින් වෙත ලබාදිය යුතු ඡන්ද පත්‍රිකා 28ක් ඡන්ද පත්‍රිකා හිමි අයවළුන්ට ලබා නොදී වෙළඳසැල් හිමියෙකු හරහා බෙදාදීමට ලබා දුන් තැපැල් බෙදන්නෙකු හා ඡන්ද පත්‍රිකා බෙදාදීමට ළඟ තබාගෙන සිටි වෙළඳසැල් හිමියෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, වවුනියාව, පූන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙත බෙදාදීමට තිබූ ඡන්ද පත්‍රිකා 28ක් ප්‍රදේශයේ තැපැල් බෙදීම සිදු කරන තැපැල් බෙදුම්කරු විසින් අදාළ හිමිකම්පත් හිමිකරුවන් වෙත ලබානොදී ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවෙකු වෙත භාර දී අදාළ පුද්ගලයින් පැමිණියහොත් ඡන්ද පත්‍රිකා ලබාදෙන ලෙසට දන්වා ගොස් ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ලද තොරතුරක් මත වවුනියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාල නිලධාරීන් පොලිස් නිලධාරීන් සමඟ ගොස් සැකකාර තැපැල් බෙදුම්කරු හා ඡන්ද පත්‍රිකා භාරයේ තබාගෙන සිටි වෙළෙඳ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තැපැල් බෙදුම්කරු හා වෙළඳසැල් හිමියා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02