ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කරගැනීමට හෝ බාගත කරගන්න මැතිවරණ කොමිසමෙන් අවස්ථාවක්

2024 ජනාධිපතිවරණය සඳහා මැතිවරණයට ලියාපදිංචි වී ඇති පුද්ගලයන් හට තම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය හෝ බාගත කරගත හැකි ක්‍රමවේදයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුන්වා දී තිබෙනවා.

එහිදී මැතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති ඕනෑම පුද්ගලයෙකුට මෙම ක්‍රමවේදය හරහා තම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය හෝ බාගත කිරීම කළ හැකියි.

ඒ සඳහා පහතින් දැක්වෙන සබැඳිය පරීක්ෂා කළ හැකි අතර; උපදෙස් පිළිපැදීමෙන් එය පහසුවෙන් සිදුකළ හැකි බවයි කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.

එම දිගුවට පිවිසීමෙන් පහත ක්‍රමවේද පිළිවෙළින් අනුගමනය කරන්න;.

  1. පළමුවන කොටුව තුළ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දෙන්න.
  2. ඔබගේ පරිපාලන දිස්ත්‍රික්කය ලබා දෙන්න.
  3. ඉන් පසුව “Im not a robot” යන්න සඳහන් කරන්න.
  4. අනතුරුව සෙවීමේ (Search) මෙනුවට පිවිසෙන්න.
  5. ඉන් පසුව ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය දිස්වනු ඇත.
  6. එහි පළමුව දිස්වන “මැතිවරණය සඳහා ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු – ජනාධිපතිවරණය 2024” මෙනුවට පිවිසෙන්න.
  7. එවිට ඔබගේ ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු දිස්වනු ඇත.
  8. “Mobile” යන්න දිස්වන මෙනුවට පිවිස ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න.
  9. ඉන් පසුව නැවතත් “Im not a robot” මෙනුව Click කරන්න.
  10. අනතුරුව ඔබගේ දුරකථන අංකය ඉදිරිපසින් ඇති Send Code මෙනුව ක්ලික් කරන්න
  11. පසුව ඔබගේ දුරකථනයට පැමිණි රහස් කේතය ඇතුළත් කරන්න.
  12. ඉන් පසුව නැවතත් “Im not a robot” මෙනුව Click කරන්න.
  13. අනතුරුව ඔබගේ ඡන්ද පත්‍රිකාව එතැනින්ම බාගත කරගත හැකියි.

ඔබගේ නිල ඡන්ද පත්‍රිකාව බාගත කරගැනීමට අවශ්‍ය දිගුවට මෙතැනින් පිවිසෙන්න.
https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationSearch.aspx

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29