AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද පත්‍රිකාවේ දිග වැඩි වුනත් ඇස්තමේන්තු කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් – මැතිවරණ කොමසාරිස්

අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවීමක් සිදුවුව ද ඉදිරි මැතිවරණය සඳහා ඇස්තමේන්තු කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පසු ගියවර ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටි බවත්, මෙවර මැතිවරණයේ දී අපේක්ෂකයන් 39 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 26ත් 27ත් අතර ප්‍රමාණයකට වැඩි වී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ සැලසුමේ කිසිදු වෙනසක් සිදු නොවන බවද ඔහු සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක ඇස්තමේන්තු ගත වියදමක් මැතිවරණය මහ ලේකම් කාර්යාලය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?