ඡන්ද කාඩ් බෙදාහැරීමේ විශේෂ දිනය අද

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (03) දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද (03) පෙරවරු 8.00ට ආරම්භ වූ අතර පස්වරු 6.00 දක්වා එය ක්‍රියාත්මකයි.

මේ සඳහා ලිපි බෙදීමේ තැපැල් කාර්යාල 2,090 ක් අද දිනයේ දී විවෘතව තැබෙන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?