AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද කාඩ්පත් 51%ක් බෙදා අවසන් – ඊයේ දිනයේ මිලියන 3.3ක්

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම මේ වන විට සිදුවෙමින් පවතින බව තැපැල්පති ආර්. සත්කුමාර පවසනවා.

ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 51%ක් මේ වනවිටත් බවයි තැපැල්පතිවරයා සඳහන් කළේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නම්කර තිබූ ඊයේ (08) දිනයේ දී ඡන්ද කාඩ්පත් මිලියන 3.3කට අධික සංඛ්‍යවක් බෙදාහැරීමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 8.7ක පමණ ප්‍රමාණයක් බෙදාහැර ඇති අතර, ඉතිරි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ මස 14 වනදා දක්වා තැපැල්කරුවන් විසින් බෙදාහැරීමට නියමිතයි.

එමෙන්ම ලබන 14 වනදා ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දියයක් ලෙස නම්කර තිබෙනවා.

ලබන 14 වැනිදා වන විට ඡන්ද පත්‍රිකාව නොලැබුණු ඕනෑම පුද්ගලයකුට තම ප්‍රාදේශීය තැපෑල බෙදාහැරීමේ කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ඡන්ද කාඩ්පත ලබාගැනීමට හැකි බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?