ඡන්දෙට මුදල් දෙන්න අපි සූදානම් – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව මුදල් අමාත්‍යාංශයට ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අවශ්‍යතා අනුව එම මුදල් ලබාදීමට සූදානම් මුදල් අමාත්‍යාංශය සූදානම් බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

2024 අයවැය මගින් රුපියල් බිලියන 10ක මුදලක් ඕනෑම මැතිවරණයක් පැවැත්වීම සඳහා වෙන් කර ඇති අතර රජය දැඩි මූල්‍ය කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කරන බැවින් එම මුදල් ලබාදීමේ කිසිදු බාධාවක් නොමැති බවයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් කියා සිටියේ.

මූලික වශයෙන් තැපැල්, මුද්‍රණ සහ ආරක්ෂාව සඳහා වන වියදම් ලබා දීමට සූදානම් අතර අවශ්‍යතා පරිදි අදාළ මුදල් නිදහස් කිරීමට හැකි බව එහි දී නිලධාරීන් විසින් පැවසූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමග අද (17) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදීයි අදාළ කාරණය ඉස්මතු වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?