ඡන්දෙට මුදල් දෙන්න අපි සූදානම් – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව මුදල් අමාත්‍යාංශයට ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අවශ්‍යතා අනුව එම මුදල් ලබාදීමට සූදානම් මුදල් අමාත්‍යාංශය සූදානම් බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

2024 අයවැය මගින් රුපියල් බිලියන 10ක මුදලක් ඕනෑම මැතිවරණයක් පැවැත්වීම සඳහා වෙන් කර ඇති අතර රජය දැඩි මූල්‍ය කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කරන බැවින් එම මුදල් ලබාදීමේ කිසිදු බාධාවක් නොමැති බවයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් කියා සිටියේ.

මූලික වශයෙන් තැපැල්, මුද්‍රණ සහ ආරක්ෂාව සඳහා වන වියදම් ලබා දීමට සූදානම් අතර අවශ්‍යතා පරිදි අදාළ මුදල් නිදහස් කිරීමට හැකි බව එහි දී නිලධාරීන් විසින් පැවසූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමග අද (17) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදීයි අදාළ කාරණය ඉස්මතු වූයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46