ඡන්දෙට ගෙදර යන්න විශේෂිත බස් රථ සේවාවක්

එළඹෙන 14 වනදා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් විශේෂිත බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව එම විශේෂිත බස් රථ සේවාව අද (12) දහවල් සිට ක්‍රියාත්මක බවයි ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන සඳහන් කළේ.

මේ අතර සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද (12) දිනයේ කොළඹ, ගම්පහ සහ කළුතර යන ප්‍රදෙශිකයන් තුනෙන් අතිරේක බස් රථ 70ක ප්‍රමාණයක් මධ්‍යම බස්රථ කාර්යාලයට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

ඊට අමතරව හෙට (13) දිනයේ දී අතිරේක බස් රථ 80ක ප්‍රමාණයක් මධ්‍යම බස්රථ කාර්යාලයට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව ඔහු සඳහන් කළා.

මේ අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් බස් රථ දහසකට වැඩි ප්‍රමාණයක් ලබාදීමට නියමිත බව ද සභාපතිවරයා පැවසුවා.

එමෙන්ම පොලිස් නිලධාරින් ප්‍රවාහනය සඳහා තවත් බස් රථ 200ක් පමණ ලබාදීමට කටයුතු යොදා ඇති බව ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?