ඡන්දෙට ගෙදර යන්න විශේෂිත බස් රථ සේවාවක්

එළඹෙන 14 වනදා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් විශේෂිත බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව එම විශේෂිත බස් රථ සේවාව අද (12) දහවල් සිට ක්‍රියාත්මක බවයි ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන සඳහන් කළේ.

මේ අතර සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද (12) දිනයේ කොළඹ, ගම්පහ සහ කළුතර යන ප්‍රදෙශිකයන් තුනෙන් අතිරේක බස් රථ 70ක ප්‍රමාණයක් මධ්‍යම බස්රථ කාර්යාලයට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

ඊට අමතරව හෙට (13) දිනයේ දී අතිරේක බස් රථ 80ක ප්‍රමාණයක් මධ්‍යම බස්රථ කාර්යාලයට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව ඔහු සඳහන් කළා.

මේ අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් බස් රථ දහසකට වැඩි ප්‍රමාණයක් ලබාදීමට නියමිත බව ද සභාපතිවරයා පැවසුවා.

එමෙන්ම පොලිස් නිලධාරින් ප්‍රවාහනය සඳහා තවත් බස් රථ 200ක් පමණ ලබාදීමට කටයුතු යොදා ඇති බව ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30