spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඡන්දය කල් දමන නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම තැපැල් ඡන්ද විමසීමට පෙර කැඳවන්නයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

වර්තමානයේ රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා තැපැල් ඡන්ද විමසීම ආරම්භ කිරීමට ප්‍රථම විවෘත අධිකරණයේ කැඳවන ලෙස ඉල්ලමින් ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කළා.

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු විසින් මෙම මෝසම ගොනු කර තිබෙනවා.

එම මෝසම මගින් සඳහන් කර ඇත්තේ අදාළ පෙත්සම ඉකුත් සිකුරාදා(10) එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සලකා බැලු අතර එහි වැඩිදුර සලකා බැලීම ලබන 23 වන දා තෙක් කල් තැබුණු බවයි.

එහෙත් තැපැල් ඡන්ද විමසීම ලබන 22 වන දා පැවැත්වීමට නියමිත බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම මෝසමේ සඳහන් වෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා තැපැල් ඡන්ද විමසීමට පෙර එනම් මේ මස 17, 20 හෝ 21 යන දින වලින් එක් දිනයක නියම කරන ලෙස අදාළ මෝසමෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම මීට අදාළ කරුණු තහවුරු කිරීම සඳහා අදාළ පෙත්සම එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් හෝ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් තිදෙනාගෙන් එක් අයෙකු සාමාජිකත්වය දරන විනිසුරු මඩුල්ලක් හමුවේ මේ මස14, 15 හෝ 16 වනදා යන දින අතුරින් එක් දිනයක විවෘත අධිකරණයේ කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙසත් එම මෝසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් වරයා විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඉකුත් සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් එය පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව සදහන් කරමින් මූලික විරෝධතා මතු කර තිබුණා.

එම මූලික විරෝධතා වලට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා විසින් පිළිතුරු සපයමින් සිටින අවස්ථාවේ නඩුවේ ලේඛන සම්බන්ධයෙන් ඇතිවූ අපහැදිලි තාවයක් හේතුවෙන් එහි වැඩිදුර සලකා බැලීම ලබන 23දා තෙක් කල් තැබීමටයි අධිකරණය තීන්දු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?