logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

චීන සංක්‍රමණිකයන් තොගයක් ඇමෙරිකාවෙන් පිටුවහල් කරයි

චීන සංක්‍රමණිකයන් 116 දෙනෙක් පිටුවහල් කළ බව එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

වසර පහක් තුළ විශාලතම පිටුවහල් කිරීම මෙයයි .

“අපි අපගේ සංක්‍රමණ නීති දිගටම ක්‍රියාත්මක කරන අතර එක්සත් ජනපදයේ රැඳී සිටීමට නීතිමය පදනමක් නොමැති පුද්ගලයින් ඉවත් කරන්නෙමු” යනුවෙන් ස්වදේශ ආරක්ෂක ලේකම් Alejandro Mayorkas නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

“අක්‍රමවත් සංක්‍රමණය අඩු කිරීමට සහ වැළැක්වීමට සහ පුළුල් වූ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රයත්නයන් හරහා නීතිවිරෝධී මිනිස් ජාවාරම් කඩාකප්පල් කිරීමට” චීනය සමඟ කටයුතු කරන බව දෙපාර්තමේන්තුව පැවසුවා.

සංක්‍රමණිකයන් එක්සත් ජනපදයේ කොපමණ කාලයක් සිටියා ද යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර නැහැ.

පසුගිය වසරේ එක්සත් ජනපදය මෙක්සිකෝවේ සිට නීතිවිරෝධී ලෙස රටට ඇතුළු වන චීන සංක්‍රමණිකයන් සංඛ්‍යාවේ ඉහළ යාමක් නිරීක්ෂණය කරනවා.

එක්සත් ජනපද දේශසීමා නිලධාරීන් 2023 දී දකුණු දේශසීමාවේ දී චීන ජාතිකයන් 37,000 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එය පෙර වසරේ එම සංඛ්‍යාව මෙන් 10 ගුණයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?