AFC Banner
Empty Ad
Empty Ad

චීන මහජන සමූහාණ්ඩුවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් මෙරට දී

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong , ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය විජිත් හේරත්, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ විදේශ රටවල තානාපතිවරුන්, චීන සමාගම්වල නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයන්ගේ සංගමයේ සාමාජිකයින් හා සිසු සිසුවියන් ඇතුළු පුද්ගලයන් 1000කට අධික පිරිසක් පසුගිය 25 වනදා පැවති එම උත්සවයට එක් වුණා.

චීන තානාපති Qi Zhenhong මහතා එහිදී දේශනයක් සිදු කරමින් ගෙවී ගිය වසර 75 තුළ චීනය ලබා ගත් සාර්ථක ජයග්‍රහණය පිළිබඳ සිහිපත් කළා.

ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින්, උසස් ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයෙන් චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කිරීමටත් උසස් මට්ටමේ විවෘතභාවයෙන් ලෝකය ඒකාබද්ධව සංවර්ධනය කිරීමටත් චීනය කැප වන බව හෙතෙම එහිදී අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ගෝලීය දකුණේ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් පොදු යහපත සැලසීම, ගෝලීය ආරක්ෂාව හා එහි වර්ධනයට ශක්තිමත් ගාමක බලවේගයක් වනු ඇතැයි Qi Zhenhong මහතා කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සාර්ථකව පැවැත්වීමට හැකි වීම පිළිබඳව Qi Zhenhong මහතා සිය සුභපැතුම් පිරිනැමනු ලැබුවා.

චීනය ඇතුළු මිත්‍රශීලි රටවල සහාය යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට විවිධ අවදානම් හා අභියෝග ජයගෙන පවතින අර්බුදයෙන් මිදීමට මෙන්ම ආර්ථික පුනර්ජීවනය හා සමෘද්ධිමත්භාවය කඩිනමින් සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද Qi Zhenhong මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර දෙන්නේ අපි දෙන්න හිටපු සහන - හිටපු ඇමති කියයි
Video thumbnail
රනිල් - සජිත් එකතු වෙන්නේ නෑ - රනිල්ගේ පැත්තෙන් නිල වශයෙන් දැනුම් දෙයි
02:57
Video thumbnail
රනිල් හමුවුණු ප්‍රබලයෝ අද කරන තීරණාත්මක සාකච්ඡාව
01:24
Video thumbnail
තාත්තා මාලිමාවට ඡන්දය දීපු නිසා පාසල් දරුවෙක්ට වුණු අසාධාරණය
11:36
Video thumbnail
අනුර ජනපති වුණු ගමන් කමල් රටින් පනී - විශේෂ හෙළිදරව්ව මෙන්න
15:48
Video thumbnail
බාර් එක එපා හිමිවරු පාරට බහිද්දී බාර් හිමිකරු සමඟ සෙට් එකක් පාරට
09:52
Video thumbnail
🛑Breaking News - පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක් / ජනපති කිව්ව පරිදිම අකුරට වැඩ...#akd #npp
02:02
Video thumbnail
දකුණු පළාත් නව ආණ්ඩුකාර වැඩ බාරගනී - ජනපති අනුරගේ සැලැස්ම මෙන්න #npp #srilankagovernment
08:12
Video thumbnail
ඉවත් කරපු ආරක්ෂාව ගැන ප්‍රබල මන්ත්‍රී කට අරියි
05:04
Video thumbnail
🛑Breaking News - මහ බැංකු අධිපති හදීසියේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවයි #brekingnews #npp #akd
05:07

?