චීන නියෝජිතයන් පිරිසක් හෙට (14) දිවයිනට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට සුදානම් වනවා.

හෙට (14) දිවයිනට පැමිණෙන ඔවුන් ලබන 18 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සමුළුවෙන් පසු සහ 2023 නව වසරේ එම නියෝජිතයන් සිදු කරන පළමු නිල සංචාරය මෙයයි.

මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රජයේ සහ දේශපාලන පක්ෂවල නායකයින් හමුවීමට නියමිත බවයි.

එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ අන්තර් පාර්ශවීය හුවමාරු ප්‍රවර්ධනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනය පිළිබඳ දැනුවත් කිරීමක් පැවැත්වීමට නියමිත බවයි තානාපති කාර්යාලය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?