චීන නියෝජිතයන් පිරිසක් හෙට (14) දිවයිනට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට සුදානම් වනවා.

හෙට (14) දිවයිනට පැමිණෙන ඔවුන් ලබන 18 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සමුළුවෙන් පසු සහ 2023 නව වසරේ එම නියෝජිතයන් සිදු කරන පළමු නිල සංචාරය මෙයයි.

මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රජයේ සහ දේශපාලන පක්ෂවල නායකයින් හමුවීමට නියමිත බවයි.

එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ අන්තර් පාර්ශවීය හුවමාරු ප්‍රවර්ධනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනය පිළිබඳ දැනුවත් කිරීමක් පැවැත්වීමට නියමිත බවයි තානාපති කාර්යාලය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18