චීන දූත පිරිසක් බුද්ධ ශාසන ඇමති හමු වෙයි

චීනයේ වූහාන්, ෆුජියෑන් ,ෂියාමන් සහ අංහුයි යන පළාත් නියෝජනය කරමින් දූත පිරිසක් සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් ඊයේ බුද්ධශාසන අමාත්‍යංශය පරිශ්‍රයේදී පැවැත්විණි.

චීනය හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන් සහ ආයෝජන අවස්ථාවන් වැඩි දියුණු කිරීම මෙම හමුවේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරිණි.

එහිදී මෙරට තුළ චීන සංස්කෘතික මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටත් , චීනය හා මෙරට අතර බෞද්ධ සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත්, ව්‍යාපාරික ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව එම දූත පිරිස අමාත්‍යවරයා හමුවේ පැවසූහ.

ශ්‍රී ලංකාව මේ වන විට පත්වී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ආයෝජන අවස්ථාවන් ඇතිකර කිරීම ද මෙහි මූලික අරමුණක් බව චීන දූත පිරිස එහිදී සඳහන් කළෝය.

මෙම සියලුම වැඩසටහන් සඳහා අවශ්‍ය සහයෝගය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් ලබාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එහිදී සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?