AFC Banner
AFC Banner
Empty Ad

චීන ජනපතිගෙන්, ජනපති ගෝඨාභය වෙත විශේෂ පණිවුඩයක්

චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට දෙරටේම බලධාරීන් එකඟ වී තිබෙනවා.

ඒ, අනුව මෙම සතිය තුළ දී චීනයේ සිට මෙරටට ගුවන් ගමන් වාර 03ක් සිදුකරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙන්නේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි සෙන්හොන්ග් පසුගිය දා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර චීන ජනාධිපති ෂී ජින් පින් එවූ විශේෂ පණිවුඩයක් එම අවස්ථාවේ දී චීන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රට මේ වනවිට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ මිත්‍ර රටක් ලෙස චීනය ලබාදෙන සහාය පිළිබඳ ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?