AFC Banner
Empty Ad

චීන කතකට පොලිසියට එන්න කියන්න ගිය නිලධාරීන්ට උදලු ප්‍රහාරයක්

බේරුවල නගරයේ නිවසක කලක සිට ජිවත් වන චීන ජාතික කාන්තාවකට පැමිණිල්ලක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය හමුවේ පෙනි සිටින ලෙස දැනුම්දීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අද (20) දහවල් එම කාන්තාව උදැල්ල කින් පහරදී තුවාල සිදුකර ඇතියි බේරුවල පොලිසිය පවසනවා.

එම 30 හැවිරිදි විදෙස් කාන්තාව කලක සිට මෙරට රැදී සිටිමේ නීති උල්ලංඝනය කරමින් සිටින බවට ලැබෙන පැමිණිලි මත ඒ පිළිබඳව තොරතුරු විමර්ශනය සඳහා ඇයට බේරුවල පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දීමට ගිය සැරයන්වරයෙකුට හා කොස්තාපල්වරයෙකුට මෙලෙස පහර දී තිබෙනවා.

කෙසේවෙතත් අදාළ චීන ජාතික කාන්තාව අත්අඩංගුවට ගත බවයි පොලිසිය සදහන් කළේ.

බේරුවල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු නිලධාරීන් පිරිසක් පරික්ෂණ සිදුකර ඇය කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?