චීන කතකට පොලිසියට එන්න කියන්න ගිය නිලධාරීන්ට උදලු ප්‍රහාරයක්

බේරුවල නගරයේ නිවසක කලක සිට ජිවත් වන චීන ජාතික කාන්තාවකට පැමිණිල්ලක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය හමුවේ පෙනි සිටින ලෙස දැනුම්දීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අද (20) දහවල් එම කාන්තාව උදැල්ල කින් පහරදී තුවාල සිදුකර ඇතියි බේරුවල පොලිසිය පවසනවා.

එම 30 හැවිරිදි විදෙස් කාන්තාව කලක සිට මෙරට රැදී සිටිමේ නීති උල්ලංඝනය කරමින් සිටින බවට ලැබෙන පැමිණිලි මත ඒ පිළිබඳව තොරතුරු විමර්ශනය සඳහා ඇයට බේරුවල පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දීමට ගිය සැරයන්වරයෙකුට හා කොස්තාපල්වරයෙකුට මෙලෙස පහර දී තිබෙනවා.

කෙසේවෙතත් අදාළ චීන ජාතික කාන්තාව අත්අඩංගුවට ගත බවයි පොලිසිය සදහන් කළේ.

බේරුවල පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු නිලධාරීන් පිරිසක් පරික්ෂණ සිදුකර ඇය කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01