AFC Banner
AFC Banner
Empty Ad

චීන අවදානම් හමුවේ සමගිය තබා ගන්න – අමෙරිකානු රාජ්‍ය ලේකම් ඉල්ලයි

චීන රජයේ අවදානම්සහගත ක්‍රියාකලාපය කෙසේ වුව ද, G7 කලාපීය සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගන්නා ලෙස අමෙරිකා එක්සත් ජනපදය ඉල්ලා සිටිනවා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඉල්ලා සිටින්නේ බීජිනයේ ආර්ථික ප්‍රතිපත්ති, මානව හිමිකම් වාර්තාව සහ ඔවුන් යුක්‍රේනයට එරෙහි රුසියානු සටනයේ දී රුසියාවට දක්වන සහයෝගය මෙම ප්‍රකාශයට හේතු බවයි.

G7 හි සාමාජිකයින් වන ලොව ප්‍රධාන කාර්මික රටවල් චීනය විසින් එල්ල කරන ලද “ආර්ථික සහ ආරක්‍ෂක අවදානම” සහ එය අනුගමනය කරන ප්‍රතිපත්ති මත වඩ වඩාත් පෙළ ගැසී සිටින බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමක් අවසානයේ දී පැවසුවා.

එමෙන්ම නොවැම්බර් 20 පත් වූ නව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ රජය යටතේ දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ උපායමාර්ගය අඛණ්ඩව කරගෙන යාමට ද මෙහිදී ඉල්ලා සිටියා.

මේ අතර ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක තීරණය ද මැදපෙරදිග – සහ යුක්රේනය, රුසියාව විසින් මෑතක දී උතුරු කොරියානු හමුදා භාවිතා කිරීම ඇතුළුව යුද්ධ කෙරෙහි ද මෙම රැස්වීමේ දී දැඩි අවධානයක් යොමු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?