Empty Ad
AFC Banner
AFC Banner

චීනය සහ අමෙරිකාව අතර පැසිෆික් කලාපයේ ආතතිය ඉහළ යාමෙන්  ඔස්ට්‍රේලියාවට භයානක අවදානමක් ?

ආරක්ෂක උපායමාර්ගික සමාලෝචනයේ පසුබිම මත ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය අනුගමනය කරන ප්‍රවේශය එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශකයෙකු විවේචනය කර තිබෙනවා.

මෙම විවේචනය සිදු කර ඇත්තේ රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවේ සහ ආරක්ෂක උපකරණ නිෂ්පාදනය කරන සිවිල් සමාගම්වල දශක තුනක ඒකාබද්ධ පළපුරුද්දක් ඇති, ඔස්ට්‍රේලියානු කර්මාන්ත සහ ආරක්ෂක ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී බ්‍රෙන්ට් ක්ලාක් විසින්.

මිලිටරි විශ්ලේෂකයින් සහ විචාරකයින් ඉදිරි වසර හතරේ සිට අට දක්වා කාලය තුළ ගැටුම් පුරෝකථනය කිරීමත් සමඟ, ඔහු කියා සිටින්නේ තීරණාත්මක ලෙස ක්‍රියා කිරීමට නොහැකි, නිලධාරිවාදයේ ගිලී සිටින සහ රටවැසියා  ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ස්වයංපෝෂිත හැකියාවන් ගොඩනගා ගැනීමට නොහැකි රජයක් විසින් වටිනා කාලය නාස්ති කර ඇති බවයි.

තවද අනාගත ඕනෑම ගැටුමක් සඳහා ඔස්ට්‍රේලියාව සූදානම් නැතිවා පමණක් නොව, වෙනත් රටවල් මත යැපීමට සිදු වීමෙන් රට බලාපොරොත්තු රහිත ලෙස අනාරක්ෂිත තත්ත්වයට පත්කර ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

ඔහු මෑතකදී නිව් සවුත්වේල්ස්හි ආරක්ෂක සහ ආරක්ෂක අධ්‍යයනය සඳහා වූ රාජකීය එක්සත් සේවා ආයතනය අමතමින්, තැතිගන්වනසුළු සත්‍යයන් කිහිපයක් ද  හෙළි කළා.

“ආරක්ෂක උපායමාර්ගික  සමාලෝචනයක් නිකුත් කර තිබෙනවා.අපි කාලය නාස්ති කරලා.

ආරක්ෂක උපායමාර්ගික සමාලෝචනය සම්බන්ධයෙන් කරන්නේ කුමක්දැයි අපට පැවසීමට රජය වසරක් ගත කරලා දැන් ඔවුන් තවත් සමාලෝචනයක් කිරීමටයි  යන්නේ ,”යැයි ඔහු පවසනවා. “අපි අවුරුදු දෙකක් නිකං පිච්චුවා. අපිට ඉදිරි වසර දෙක තුළ නැව් හදන්න බැහැ, නමුත් ඔවුන් හදන්න යන යුද නැව් මොනවාද කියලාවත් රජය දන්නේ නැහැ,” ක්ලාක් පෙන්වා දෙනවා.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ඇතුළු පාලනය “චීනය” විශේෂයෙන් සඳහන් කිරීමෙන් වැළකී සිටිය ද  ක්ලාක් එසේ නොකර ඒ පිළිබඳ අදහස් පළකර තිබුණා.

“චීනය අන් සියල්ලන් අභිබවා යමින් සිටිනවා. වානේ නිෂ්පාදනයට බාධා කරන පිරිසිදු බලශක්තිය පිළිබඳ අපගේ රෙගුලාසි මෙන් නොව, ඔවුන්ගේ ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජනනීය බලශක්ති කෝටාවකට සීමා කරන ජාත්‍යන්තර නීතිමය බැඳීමක් ඔවුන්ට නැහැ.දැනට, චීනය අපගේ නාවික නැව්වල සහ අනෙකුත් උපකරණවල භාවිත කරන ඉලෙක්ට්‍රොනික පරිපථ කාඩ්පත් අපට සපයනවා.  එබැවින් බීජිං සමඟ ඇති විය හැකි ඕනෑම ගැටුමකදී චීනය ඔවුන්ට එරෙහිව අපගේ යුද ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය දෑ සපයනු ඇතැයි සිතිය නොහැකියි,” යැයි ඔහු පෙන්වා දෙනවා.

අපගේ සියලුම ආරක්ෂක උපකරණවලට අවශ්‍ය කොටස් වලින් සියයට 25ක්  යොදවන කෙනෙකු සමඟ  ගැටුමක් ඇති කර ගැනීමටයි අපි සූදානම් වෙන්නේ,” යනුවෙන් ඔහු අනතුරු අඟවනවා. “අපගේ කෲස් මිසයිල වත්කම් ක්ෂය වූ පසු අපට නැවත සැපයීම සඳහා සම්පූර්ණයෙන්ම එක්සත් ජනපදය මත රඳා පවතින්න සිදුවෙනවා.එක්සත් ජනපදයට එම ආයුධ නිපදවිය හැක්කේ නිශ්චිත අනුපාතයකට පමණයි. එම තත්ත්වය තුළ අපගේ මිත්‍ර රටවල් පළමුව ප්‍රමුඛත්වය දෙන්නේ තමන්ටමයි.
ඒ නිසා ඔස්ට්‍රේලියාවට මිසයිල ලබා ගත හැක්කේ ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව පමණයි. ,” යැයි ක්ලාක් පවසනවා.

මේ අතර, චීනය සහ එක්සත් ජනපදය අතර ආතතීන් පහව යන ලකුණු තවමත් දක්නට ලැබෙන්නේ නැහැ.

පසුගිය මාසයේ සිංගප්පූරුවේ පැවති ආසියාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමුළුවේදී තමා හමුවීමට කළ ආරාධනය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, චීනයේ ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු තවදුරටත් ඔහුගේ එක්සත් ජනපද සහචර ලොයිඩ් ඔස්ටින් සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම සමුළුවේදී කතා කරමින්, ඔස්ට්‍රේලියානු අගමැති ඇල්බනීස් ගෝලීය ආරක්ෂාව සහ ලෝක සාමය සඳහා ශීතල අනතුරු ඇඟවීමක් නිකුත් කළේ,  චීනය දක්වන ප්‍රතිචාර පෙන්වා දෙමින්.

නිල වශයෙන් එක්සත් ජනපදය හමුවීමට අමතරව, චීන රජය ඇමරිකාවෙන් ඇමතුම් ගැනීම නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇල්බනීස් සඳහන් කළේ “ඔබට දුරකථන ඇමතුම් ලබා ගැනීමට හැකියාවක් නොමැති නම් (එය) ලෝකයට විනාශයක් ගෙන දෙනු ඇති” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?