චීනය පන්නා මෙරට අත්පත් කරගන්නා ඉන්දයාව

ශ්‍රී ලංකාවේ මිත්‍ර රාජ්‍යයන් ලෙස දකුණු ආසියාවේ සමීපතම සහ දැඩි මිත්‍රශීලී රාජ්‍යයන් දෙකක් ලෙස ඉන්දියාව සහ චීනය හඳුන්වා දිය හැකියි.

ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදය හමුවේ විවිධ අවස්ථාවලදී ඉන්දියාව සහ චීනය හරි හරියට එක්ව මෙරටට මූල්‍යමය ආධාර සැපයීමට පසුබට නොවූ බව ප්‍රසිද්ධ දේශපාලනික රහසක්.

මෙවන් වටපිටාවකයි, පසුගියදා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට තවත් අමරිකානු ඩොලර් බිලියන 02ක් ලබාදීමට කැමති බව එරට රජය ප්‍රකාශ කළේ.

මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි ආර්ථික අවපාතයට වැඩි වශයෙන් කාටත් කලියෙන්ම උපකාර කිරීමට පෙරමුණ ගෙන ඇත්තේ අසල්වාසී ඉන්දියාවයි.

ඒ අනුව ඉන්දීය රජයට මෙරට උතුරු ප්‍රදේශයේ චීනයට පැවරී තිබූ බලශක්ති ව්‍යාපෘති ත්‍රිත්ත්වයක අයිතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය මෙන්ම එරට මාධ්‍ය ද වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව අමරිකානු ඩොලර් බිලියන 51ක විදේශ ණය ගෙවීම අත් හිටුවා ඇති බව රජය නිවේදනය කිරීමත් සමග ඉන්දීය රජය තවත් මූල්‍යාධාරයක් මෙරටට ලබාදීමට තීරණය කෙරුණේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඉදිවෙන සූර්ය හයිබ්‍රිඩ් බලශක්ති ව්‍යාපෘති තුනක් ද ඉන්දියාව විසින් පවරා ගනු ලැබුවා.

එය මුලින් ප්‍රදානය කරනු ලැබුවේ චීනයට වන නමුත් එම ව්‍යාපෘති චීනය විසින් හසුරුවන්නේ නම් ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන බව ඉන්දියාව පැවසීමත් සමඟ ශ්‍රී ලංකාව එම ගනුදෙනුව අවලංගු කර ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30