AFC Banner
AFC Banner
Empty Ad

චීනය තායිවානය අස්සේ මහා පරිමාණ යුද අභ්‍යාසයකට සැරසෙයි

චීනය තායිවාන මුහුදු සීමා ආසන්නයේ මහා පරිමාණ යුද අභ්‍යාසයකට සැරසෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස චීනය අරඹා ඇත්තේ සිය තෙවැනි යුද අභ්‍යාසය වන Joint Sword-2024C වන බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් තායිවාන සන්නද්ධ හමුදා ඊයේ (28) සිය මුහුදු ගුවන් කලාප අවට පුළුල් ගුවන් ආරක්ෂක අභ්‍යාසයක් පවත්වා තිබෙනවා.

තායිවානය ප්‍රහාරක ජෙට් යානා, නාවික යාත්‍රා සහ මිසයිල ඒකක ඇතුළත් කරමින් මෙය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

උදෑසන 5 සිට 7 දක්වා දෙපැයක් පුරා පැවති මෙම අභ්‍යාසය සඳහා තායිවානයේ ගුවන්, නාවික සහ මිසයිල ආරක්ෂක ඒකක සම්බන්ධ වුණා.

දේශීය ආරක්ෂක ප්‍රහාරක යානය (IDF), Mirage 2000, F-16 සහ C-130 ප්‍රවාහන ගුවන් යානා වැනි ප්‍රහාරක ජෙට් යානා නාවික යාත්‍රා සහ ගොඩබිම් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති මීට එක් කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?