Empty Ad
AFC Banner
Empty Ad

චීනය ඔත්තු බැලීම වැළැක්වීමේ නීති තවත තද කරයි

ජාත්‍යන්තර ප්‍රජාව තුළ කම්පනයක් ඇති කරන, පුද්ගලිකත්වය සහ මානව හිමිකම් පිළිබඳ බරපතළ කනස්සල්ලක් මතු කර ඇති පියවරක් ලෙස, චීනය සිය ඔත්තු බැලීම් වැළැක්වීමේ නීතිය යටතේ නව රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

2024 ජූලි 1 දින සිට බලාත්මක වන පරිදි පනවා ඇති මෙම නීති, ජාතික ආරක්ෂාවේ නාමයෙන් ස්මාර්ට් ෆෝන් සහ පරිගණක වැනි ඉලෙක්ට්‍රොනික උපාංග පරීක්ෂා කිරීමට රාජ්‍ය ආරක්ෂක පොලිසියට පුළුල් බලතල ලබා දෙනවා.

මෙම නව රෙගුලාසි යටතේ, බලධාරීන්ට කෙටි පණිවිඩ, ඊමේල්, ක්ෂණික පණිවිඩ, කණ්ඩායම් කතාබස් (chat groups) ලේඛන, පින්තූර, ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ගොනු, යෙදුම් සහ ලොග් වාර්තා ඇතුළු පුද්ගලික උපාංගවලින් “ඉලෙක්ට්‍රොනික දත්ත” රැස් කළ හැකියි.

මෙම පුළුල් බලතල සෑම පුරවැසියෙකුගේම ස්මාර්ට් ජංගම දුරකතනයක් රාජ්‍ය ආරක්ෂක ආයතන සඳහා තොරතුරු සම්භාරයක් බවට පත් කරනවා.

මෙම නව නීතිවල වඩාත් භයානක අංගයක් වන්නේ රාජ්‍ය ආරක්ෂක නිලධාරීන්ට සෝදිසි කිරීම් සිදු කිරීමට ලබා දී ඇති පහසුවයි.

රෙගුලාසි අනුව, නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින්ට නාගරික මට්ටමේ රාජ්‍ය ආරක්ෂක ආයතන ප්‍රධානියාගේ අනුමැතිය ඇතිව ඔවුන්ගේ පොලිස් හෝ ඔත්තු බැලීමේ කාඩ්පත් පෙන්වීමෙන් ඕනෑම ස්ථානයක් පරීක්ෂණයට ලක් කළ හැකියි.

හදිසි අවස්ථාවල දී, මෙම සෝදිසි කිරීම් වරෙන්තු නොමැති ව පවා සිදු කළ හැකි අතර, අත්තනෝමතික ලෙස බලාත්මක කිරීමට ද අවස්ථාව හිමිවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?