චීනයේ වෙළෙඳසැලක ගින්නකින් 39ක් ජිවිතක්ෂයට

චීනයේ ෂින්යු නගරයේ වෙළෙඳසැලක පහළ මාලයේ ඇති වූ ගින්නකින් පුද්ගලයන් 39 දෙනකු මියගොස් තවත් 9 දෙනකු තුවාල ලබා තිබෙනවා.

චීනයේ රාජ්‍ය මාධ්‍ය පැවසුවේ ජියැන්ග්සි පළාතේ අද පස්වරුවේ මෙම ගින්න සිදුවී ඇති බවයි.

ජනාධිපති ෂී ජින්පින් මෙම ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස දැනුම්දී තිබෙනවා. රට තුළ සිදුවන මෙවැනි මාරාන්තික සිදුවීම් අධිෂ්ඨානශීලීව මැඩපැවැත්විය යුතු බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

අද මෙම ගින්න වාර්තා වන්නේ මධ්‍යම හෙනාන් පළාතේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් ළමුන් 13 දෙනෙකු මිය ගොස් දින කිහිපයකට පසුව වීම විශේෂත්වයක්. එම ගින්න සම්බන්ධයෙන් පාසලේ කාර්ය මණ්ඩලයේ හත් දෙනෙකු පසුව පොලිස් අත්අඩංගුවට ද පත් වුණා.

පසුගිය නොවැම්බර මාසයේ උතුරු චීනයේ Shanxi පළාතේ ගල් අඟුරු සමාගම් කාර්යාලයක ඇති වූ ගින්නකින් ද පුද්ගලයින් 26 දෙනෙකු මිය ගිය අතර විශාල පිරිසක් රෝහල් ගත කරනු ලැබුවා.

එමෙන්ම වයඹ දිග චීනයේ බාබකියු අවන්හලක සිදුවූ පිපිරීමකින් 31 දෙනෙකු මිය ගියා.

පසුගිය අප්‍රේල් මාසයේදී බීජිං හි රෝහල් ගින්නකින් පුද්ගලයන් 29 දෙනෙකු මිය ගිය අතර දිවි ගලවා ගත් අයට පැන යාමට ජනේලවලින් පැනීමට ද සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂය - දිලිත් සමඟ හදීසියේම හමුවක්..චානක, G.L. පීරිස් ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
02:20
Video thumbnail
රටේ ලග්නය බලපාන්නේ ජනාධිපති හරහා ජනතාවට..නැකැත් සීට්ටුව ලැබෙනකල් බලන් ඉන්න එපා
04:53
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38