චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවයි

2025 වසරේ නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවා ඇති බව වාර්තා වනවා.

චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ (07) නිකුත් කළ නවතම දත්තවලට අනුව, එම අගය දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3.3464ක් ලෙසයි.

පසුගිය ඔක්තෝබර් මස අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 03ක වැඩි වීමක් වන අතර, එහි වර්ධනය 0.09%ක්.

2025 වසරේ නොවැම්බර් මාසයේදී, විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම වැනි සාධක හේතුවෙන් විදේශ විනිමය සංචිතය වර්ධනය වී ඇති බව චීන විදේශ විනිමය පරිපාලනය ප්‍රකාශ කර තිබෙනවා.

චීන ආර්ථිකය සාමාන්‍යයෙන් ස්ථාවර සහ ප්‍රගතිශීලී සංවර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර, විදේශ විනිමය සංචිතවල මූලික ස්ථාවරත්වයට ද එමඟින් මනා සහායක් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?