චීනයේ දියුණුව බලන්න ගිය ටිල්වින් ඇතුළු පිරිස දින 10කට පසුව මව්බිමට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනාවකට අනුව, එරට දියුණුව සහ සංවර්ධනය දැක බලා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු 29 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා දූත පිරිසක් දින 10ක සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගිය අතර, ඔවුන් එම සංචාරය නිමා කර ඊයේ (19) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම සංචාරය චීන රජයේ පූර්ණ අනුග්‍රහය මත සිදු වූ බවත්, තමන් එරට ප්‍රාන්ත කිහිපයකම සංචාරයේ නිරත වෙමින්, එරට ප්‍රාන්ත ප්‍රධානීන් කීපදෙනෙකු මුණ ගැසුණු බවත්, ඔවුන් මෙරට සංවර්ධනයට අඛණ්ඩව සහාය ලබා දීමට පොරොන්දු වූ බවත් ටිල්වින් සිල්වා මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසූ බව දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවා.

මෙම සංචාරය තුළ දී එරට ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කර ඇති ආකාරය, ඒවායේ දුප්පත්කම තුරන් කර ඇති ආකාරය සහ ඒ සඳහා තාක්ෂණය යොදා ගෙන ඇති ආකාරය, තමන්ට චීන කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන් විසින් පෙන්වා දුන් බව ද ටිල්වින් සිල්වා මහතා සඳහන් කළා.

ඒ අනුව මෙරට දුප්පත්කම දුරලා ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීම සදහා තාක්ෂණය භාවිතා කිරීමට, ඉදිරියේ දී අවශ්‍ය සැලසුම් සකස් කිරීමට රජයට මග පෙන්වීම් සිදු කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

මෙම පිරිස ඊයේ රාත්‍රී 06.20 ට චීනයේ ෂැංහයි නුවර සිට, චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?