චීනයේ දියුණුව බලන්න ගිය ටිල්වින් ඇතුළු පිරිස දින 10කට පසුව මව්බිමට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනාවකට අනුව, එරට දියුණුව සහ සංවර්ධනය දැක බලා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු 29 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා දූත පිරිසක් දින 10ක සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගිය අතර, ඔවුන් එම සංචාරය නිමා කර ඊයේ (19) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම සංචාරය චීන රජයේ පූර්ණ අනුග්‍රහය මත සිදු වූ බවත්, තමන් එරට ප්‍රාන්ත කිහිපයකම සංචාරයේ නිරත වෙමින්, එරට ප්‍රාන්ත ප්‍රධානීන් කීපදෙනෙකු මුණ ගැසුණු බවත්, ඔවුන් මෙරට සංවර්ධනයට අඛණ්ඩව සහාය ලබා දීමට පොරොන්දු වූ බවත් ටිල්වින් සිල්වා මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසූ බව දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවා.

මෙම සංචාරය තුළ දී එරට ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කර ඇති ආකාරය, ඒවායේ දුප්පත්කම තුරන් කර ඇති ආකාරය සහ ඒ සඳහා තාක්ෂණය යොදා ගෙන ඇති ආකාරය, තමන්ට චීන කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන් විසින් පෙන්වා දුන් බව ද ටිල්වින් සිල්වා මහතා සඳහන් කළා.

ඒ අනුව මෙරට දුප්පත්කම දුරලා ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීම සදහා තාක්ෂණය භාවිතා කිරීමට, ඉදිරියේ දී අවශ්‍ය සැලසුම් සකස් කිරීමට රජයට මග පෙන්වීම් සිදු කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

මෙම පිරිස ඊයේ රාත්‍රී 06.20 ට චීනයේ ෂැංහයි නුවර සිට, චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46