AFC Banner
AFC Banner
Empty Ad

චීනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරීන් පිරිසක් මෙරට අධ්‍යයන සංචාරයක (ඡායාරූප)

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වී තිබෙනවා.

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන Rear Admiral Hu Gangfeng ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක්, අද(18) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ බවයි වාර්තා වන්නේ.

එහිදී එම නිලධාරී කණ්ඩායම් ප්‍රධානි සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් ද නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණා.

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් 41 දෙනෙක්ගෙන් සමන්විත මෙම නිලධාරී කණ්ඩායම, ජුනි මස 16 වන දින සිට 19 වන දින දක්වා මෙරට අධ්‍යයන සංචාරයක නිරත වීමට නියමිතයි.

ඒ අනුව, මෙම නිලධාරී කණ්ඩායම් ප්‍රධානි Rear Admiral Hu Gangfeng විසින් නාවික හමුදා මූලස්ථානයේ දී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු වී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් සිදු කළ දේශනයක් සඳහා ද මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරීන් පිරිස සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ ශ්‍රී ලංකාවේ මහජන චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක Senior Colonel Zhou Bo ද එක් වූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

WhatsApp Image 2024 06 18 at 20.06.17 1 1
WhatsApp Image 2024 06 18 at 20.06.21 1 1
WhatsApp Image 2024 06 18 at 20.06.19 1
WhatsApp Image 2024 06 18 at 20.06.17 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?