චීනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරීන් පිරිසක් මෙරට අධ්‍යයන සංචාරයක (ඡායාරූප)

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වී තිබෙනවා.

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන Rear Admiral Hu Gangfeng ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක්, අද(18) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ බවයි වාර්තා වන්නේ.

එහිදී එම නිලධාරී කණ්ඩායම් ප්‍රධානි සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් ද නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණා.

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් 41 දෙනෙක්ගෙන් සමන්විත මෙම නිලධාරී කණ්ඩායම, ජුනි මස 16 වන දින සිට 19 වන දින දක්වා මෙරට අධ්‍යයන සංචාරයක නිරත වීමට නියමිතයි.

ඒ අනුව, මෙම නිලධාරී කණ්ඩායම් ප්‍රධානි Rear Admiral Hu Gangfeng විසින් නාවික හමුදා මූලස්ථානයේ දී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු වී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් සිදු කළ දේශනයක් සඳහා ද මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරීන් පිරිස සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ ශ්‍රී ලංකාවේ මහජන චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක Senior Colonel Zhou Bo ද එක් වූ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

WhatsApp Image 2024 06 18 at 20.06.17 1 1
WhatsApp Image 2024 06 18 at 20.06.21 1 1
WhatsApp Image 2024 06 18 at 20.06.19 1
WhatsApp Image 2024 06 18 at 20.06.17 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39