AFC Banner
AFC Banner
Empty Ad

චීනයේ කිංහයි-ටිබෙට් සානුවෙන් ටොන් මිලියන 20 ඉක්ම වූ නව තඹ ආකරයක් සොයාගනී

චීනයේ කිංහයි-ටිබෙට් සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව විශාල දියුණුවක් ලබා ඇති අතර, එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් ඔවුන් නව තඹ ආකරයක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

චීන ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ චීන භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ අදාළ සානුව ආශ්‍රිතව මේ වනවිට සොයා ගෙන ඇති තඹ සම්පත ටොන් මිලියන 20කට වඩා වැඩි බවයි.

කෙසේවෙතත් කිංහයි-ටිබෙට් සානුව ආශ්‍රිත තඹ සම්පත ටොන් මිලියන 150ක ඇස්තමේන්තුගත විභවයක් සහිත වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

ඒ, අනුව මෙම කලාපය ලෝක මට්ටමේ තඹ සම්පත් කේන්ද්‍රස්ථානයක් බවට සංවර්ධනය කිරීමට චීනය සූදානම් බව ද සඳහන්.

මෙම සොයා ගැනීම චීනයේ තඹ සම්පත් ආරක්ෂණ හැකියාවන් සැළකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇති අතර, චීනයේ හරිත බලශක්තිය සංවර්ධනය හා භාවිතය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ අනෙකුත් කර්මාන්ත සංවර්ධනයට ද සහාය දෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?