නැගෙනහිර චීනයේ ඉදිවෙමින් පවතින දුම්රිය පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගියා.
ජියැන්ග්සු හි යැන්චෙන් හි දුම්රිය පාලමක් ඉදිකිරීමේ ස්ථානයක සවස 5.46 ට මෙම කඩා වැටීම සිදුවුණා.
කම්කරුවන් එම ස්ථානයේ සිටියදී ව්‍යුහයේ මීටර් 95 ක කොටසක් මෙලෙස හදිසියේ කඩා වැටී තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ රජයට අයත් චීන දුම්රිය ඉදිකිරීම් සංස්ථාවේ අනුබද්ධිත සමාගමක්.
කම්කරුවන් දෙදෙනෙකු සුන්බුන් අතරින් පිටතට ගත් නමුත් පසුව ඔවුන් මිය ගිය අතර අඟහරුවාදා වන විට සුන්බුන් අතර සිරවී සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකුගේ සිරුරු සොයා ගත්තා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
2
+1



