චීනයෙන් ලංකාවට අනතුරු ඇඟවීමක්

ඉන්දියන් සාගරයට න්‍යෂ්ටික සබ්මැරීන නිතර ඇතුළුවීම, න්‍යෂ්ටික අවි තරගය උත්සන්න වීම, ඇතැම් අධිපතිවාදීන් කල්ලි ගැසී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවලට පැත්තක් ගැනීමට බල කිරීම යන කරුණු හේතුවෙන් ඉන්දියානු සාගරය මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ලංකාවට විශාල ආරක්ෂක අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බව චීනය ප්‍රකාශ කරයි.

කොළඹ චීන තානාපති ෂී ෂෙන්හොං විසින් ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම (AUKUS) පිළිබඳව සම්පාදනය කර ඇති ලිපියක් මගින් මේ බව පෙන්වාදී ඇත.

එබැවින්, කලාපීය සාමය සහ ස්ථාවරත්වය බරපතළ ලෙස හෑල්ලු කරන, ආයුධ තරගය වේගවත් කරන, සහ අන්තර්ජාතික න්‍යෂ්ටික අවිහරණ ප්‍රයත්නයන් අඩපණ කරන එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල මෙම නරක හැසිරීම කෙරෙහි අන්තර්ජාතික ප්‍රජාව, විශේෂයෙන් කලාපීය රටවල් දැඩි අවධානයක් යොමු කළ යුතු අතර අධිෂ්ඨානශීලීව ඊට විරුද්ධ විය යුතු බවද එම ලිපියේ සඳහන් වේ.

ලෝකය න්‍යෂ්ටික අවිවලින් නිදහස් කිරීම සඳහා න්‍යෂ්ටික අවි තහනම් කර, කාලයත් සමග මුළුමනින්ම විනාශ කළ යුතු බව චීනය විශ්වාස කරන බවත්, චීනය සෑම විටම සිය න්‍යෂ්ටික බලය ජාතික ආරක්ෂාවට අවශ්‍ය අවම මට්ටමින් පවත්වා ගෙන ගොස් ඇති බවත් එම ලිපියෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40
Video thumbnail
"මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?" CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්..
02:17
Video thumbnail
බේකරි නිෂ්පාදනවල මිල තවත් ඉහළ යයිද ? වසන්ත හෙළිකරයි..ඇයි කන්න හොඳ ජාතියට ටැක්ස් වැඩි කරන්නේ
04:55
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47