AFC Banner
Empty Ad
Empty Ad

චීනයෙන් ගත් ඉන්ධන වෙනුවෙන් ලංකාව ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ඉන්ධන අර්බුදයෙන් මිදීම සඳහා 2021 වසරේ ජූලි මාසයේ සිට 2022 ජනවාරි මාසය දක්වා චීනය විසින් මෙරටට ඉන්ධන සපයා ඇති බව අද හෙළිදරව් කෙරුණා.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී පැවති මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවකදී චීන තානාපති Qi Zhenhong ඒ බව සඳහන් කර සිටියා.

පසුගිය වසරේ ජූලි මාසයේ සිට 2022 ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකාව චීනයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 730,000ක් ලබාගෙන ඇති අතර, ඉන් මෙතෙක් මුදල් ගෙවා ඇත්තේ ඉන්ධන තොග 7ක් සඳහා පමණයි.

චීනයෙන් ලබා ගත් ඉන්ධන තොග 12ක් සඳහා මුදල් ගෙවීමට නියමිතව ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව, චීනයෙන් ලබාගත් ඉන්ධන වෙනුවෙන් ඩොලර් මිලියන 390ක් ගෙවිය යුතු බවයි චීන තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?