චිලී හි වල්පරයිසෝ ප්‍රදේශයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 112 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සමඟ චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, තත්ත්වය පාලනයට අවශ්‍ය සියලු සම්පත් ලබාදෙන බවයි පවසා ඇත්තේ.
චිලී දේශයෙන් වාර්තා වූ මාරාන්තික ලැව් ගින්න ලෙස මෙම ලැව් ගින්න සැලකෙන අතර, පීඩාවට පත් වූවන්ගෙන් බොහෝ දෙනෙක් ගිම්හාන නිවාඩු කාලය තුළ වෙරළබඩ කලාපයට පැමිණි අය බව සඳහන්.
මේ අතර මෙම තත්ත්වයත් සමඟ තාවකාලික ක්ෂේත්‍ර රෝහල් පිහිටුවීමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම අධ්‍යයන කටයුතු අවසන් වීමට ආසන්නව සිටින වෛද්‍ය සිසුන් සෞඛ්‍ය සේවයේ පීඩනය ලිහිල් කිරීමට සඳහායට බඳවා ගන්නා බව එම අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව සඳහන්.
ගලවා ගැනීමේ සේවා කණ්ඩායම් විපතට පත් ප්‍රදේශවලට ළඟා වීමට කටයුතු කර ඇති අතර, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරොලිනා ටෝහා පැවසුවේ ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවයි.
මේ අතර ලැව්ගිනි පවතින ප්‍රදේශවලට නොයන ලෙස චිලී රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.




