චිලී රාජ්‍යයේ පැතිර යන ලැව් ගින්නෙන් පුද්ගලයින් 112ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

චිලී හි වල්පරයිසෝ ප්‍රදේශයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 112 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ සමඟ චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, තත්ත්වය පාලනයට අවශ්‍ය සියලු සම්පත් ලබාදෙන බවයි පවසා ඇත්තේ.

චිලී දේශයෙන් වාර්තා වූ මාරාන්තික ලැව් ගින්න ලෙස මෙම ලැව් ගින්න සැලකෙන අතර, පීඩාවට පත් වූවන්ගෙන් බොහෝ දෙනෙක් ගිම්හාන නිවාඩු කාලය තුළ වෙරළබඩ කලාපයට පැමිණි අය බව සඳහන්.

මේ අතර මෙම තත්ත්වයත් සමඟ තාවකාලික ක්ෂේත්‍ර රෝහල් පිහිටුවීමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම අධ්‍යයන කටයුතු අවසන් වීමට ආසන්නව සිටින වෛද්‍ය සිසුන් සෞඛ්‍ය සේවයේ පීඩනය ලිහිල් කිරීමට සඳහායට බඳවා ගන්නා බව එම අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව සඳහන්.

ගලවා ගැනීමේ සේවා කණ්ඩායම් විපතට පත් ප්‍රදේශවලට ළඟා වීමට කටයුතු කර ඇති අතර, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කැරොලිනා ටෝහා පැවසුවේ ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවයි.

මේ අතර ලැව්ගිනි පවතින ප්‍රදේශවලට නොයන ලෙස චිලී රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04