චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස සකස් කර රථ වාහන අලෙවි කළ තුන්දෙනෙක් අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත චැසි අංක සහ එන්ජින් අංක ව්‍යාජ ලෙස සකස් කර රථ වාහන අලෙවි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකරුවන් වැලිවේරිය,පොළොන්නරුව සහ මාකවිට ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

කුඨ ලේඛන සකස් කිරීම, ඒවා සන්තකයේ තබාගැනීම සහ ඊට අනුබල දීම යන චෝදනා මෙම සැකකරුවන්ට එල්ල වී ඇත.

ලීසිං ආයතන මඟින් විනාශ කිරීමට නියමිතව ඇති මෝටර් වාහන වල ලියාපදිංචි සහතිකපත් ලබාගෙන සහ කල්බදු වාරික ගෙවීමට අපොහොසත් වාහන අඩු මුදලට ලබාගෙන මෙම වංචනික ක්‍රියාව සිදුකර තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

මෙය ජාවාරමක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවද පොලිස් පරීක්ෂණ මඟින් තහවුරු කරගෙන ඇත.

එලෙස චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබුණු ත්‍රීරෝද රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති,ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙයි.

https://youtu.be/XqiVr56YGwU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?