චැතම් වීදියේ ඇවිද ගිය පුද්ගලයාගේ හිස මතට පාත් වූ ජනේලය

කොළඹ කොටුව චැතම් වීදියේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක උළුවහු සහිත ජනේලයක් ගැල වී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකුගේ හිස මතට වැටීමෙන් එම පුද්ගලයා බරපතළ තුවාල ලබා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (08) පස්වරුවේ අදාළ පුද්ගලයා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි.

බරපතළ තුවාල ලැබූ එම පුදගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර මේ වනවිට එහි ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ පුද්ගලයාගේ අනන්‍යතාවය අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
3
+1
8
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?